25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වාහන ආනයනය ගැන දැනුම්දීමක්

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles