25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වසර 27කට පසු බටහිර ඉන්දීය කොදෙව් පිලට ජයක්

වත්මන් ටෙස්ට් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබෙනවා.

එහිදී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ කොදෙව් නවක ක්‍රීඩක Shamar Joseph පන්දුවාර 11.5කදී ලකුණු 68කට කඩුලු 7ක් දවාගනිමින් ජය කොදෙව්වන්ට හිමිකර දුන්නා.

සිය මංගල ටෙස්ට් තරගාවලිය සමග එක්ව සිටින Shamar Joseph මෙහිදී ඇඟිල්ලක ආබාධයක් සමග ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාවය දැක්වීම විශේෂත්වයක්.

ඔහු සිය මංගල ටෙස්ට් තරගයේදී ද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක් දවාගෙන තිබුණේ ලකුණු 94කටයි.

ඒ අනුව ඔහු සිය මංගල ටෙස්ට් තරගාවලියේදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13ක්.

ඒ අනුව ඔහු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම සිය නාමය ඉදිරියේ සටහන් කරගත්තා.

කොදෙව්වන් ලකුණු 8කින් දෙවන ටෙස්ට් තරගය ජයගෙන ටෙස්ට් තරගාවලිය ද 1ට 1ක් ලෙස සමව නිම කරමින්.

එය වසර 27කට පසුව කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ලද පළමු ටෙස්ට් ජය ලෙස ඉතිහාසයට එක්වුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles