23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වල් ඌරු මස් කිලෝ 45 ක් කෑමට ගත් පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

වැටලීමකදී අත්අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ 45ක් කෑමට ගත් අකුරැස්ස පොලිසියේ සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු වැඩතහනමකට ලක්ව තිබෙනවා.පොලිසිය පවසන්නේ, වැටලීමකදී අත්අඩංගුවට ගත් වල් ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල් ඌරු මස් කිලෝ 05ක් පමණක් ඉදිරිපත් කර ඉතිරි කිලෝ 45 කෑමට ගැනීමේ චෝදනාවට අදාළ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට පසුගියදා (22) පියවර ගත් බවයි.

නඩු භාණ්ඩ සාවද්‍ය පරිහරණය කිරීම, වංක ලෙස හෝ වංචනික ලෙස සැඟවීම හෝ ඉවත් කිරීම යන චෝදනා යටතේ මෙම නිලධාරියාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.ඒ අනුව, එම නඩුව පසුගියදා (21) කැඳ වූ අවස්ථාවේදී අදාළ උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා. මෙම නිලධාරියා මේ වන විට තිහගොඩ පොලිස් ස්ථානයේ සේවය කරන අතර ඔහු අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී පසුගිය පෙබරවාරි 26 වන දින මෙම ඌරුමස් වැටලීමට සම්බන්ධ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles