24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

වතු කම්කරුවන්ට ස්ථිර ලිපින

මාවතගම “මුවන් කන්ද” වතුයායේ වෙසෙන වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා විසින් ඊය (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම “මුවන් කන්ද” වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා විසින් මේ බව දැනුම් දෙනු ලැබුවා.

වසර 200 කට අධික වතුකම්කරු ඉතිහාසයේ ප්‍රථම වතාවට වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටට පත් විය යුතු බව මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වා දුන්නා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles