22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලොව විශාලතම නෞකාව සිය මංගල ගමන අරඹයි

ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කර තිබේ. අමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට අදාළ නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර, දින 07ක් කැරබියන් දූපත් ආශ්‍රිත ව සිය මංගල ගමන සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365ක දිගින් සහ තට්ටු 20කින් සමන්විත වන අතර, උපරිම වශයෙන් මගීන් 7,600කට එහි ගමන් කළ හැකි බව සඳහන්ය.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 07ක් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම නෞකාව මගින් අහිතකර මීතේන් වායුවක් මුදාහැරෙන බවට පරිසරවේදීන් විසින් අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles