18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා

ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. එහි පෙරමුණ ගෙන ඇත්තේ ප්‍රංශ ජාතික ලෝප්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක නිර්මාතෘවරයාගේ මිණිබිරිය වීම විශේෂත්වයක්. මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන ප්‍රංශ ජාතික Francoise Bettencourt Meyersගේ ශුද්ධ වත්තකම අමෙරිකානු ඩොලර් බිලියන 99.5ක් ලෙස සටහන්ව තිබෙනවා.

එහි දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ අමෙරිකානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වන 74 හැවිරිදි වියේ පසුවන Alice Walton විසින්. ඇයගේ ශුද්ධ වත්කම ලෙස සඳහන් ව ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 64.8ක්. අමෙරිකානු ඩොලර් බිලියන 60.1ක් හිමිකරගෙන සිටින 62 හැවිරිදි Julia Koch නමැති කාන්තාව එම ලැයිස්තුවේ 3 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.

අමෙරිකානු ජාතික 84 හැවිරිදි වියේ පසුවන Jacqueline Mars එම ලැයිස්තුවේ 4 වන ස්ථානයට පත්ව තිබෙන්නේ ඩොලර් බිලියන 39.8ක් හිමිකරගනිමින්. මේ අතර Amazon නිර්මාතෘ Jeff Bezosගේ දික්කසාද බිරිඳ වන 53හැවිරිදි වියේ පසුවන Mackenzie Scott ඩොලර් බිලියන 34.5 ක් හිමිකරගෙන එහි 5 වන ස්ථානයේ පසුවනවා. ජීවිතක්ෂයට පත්වූ අමෙරිකානු කැසිනෝ සමාගමක හිමිකරුගේ බිරිඳ වන 78 හැවිරිදි වියේ පසුවන Miriam Adelson ඩොලර් බිලියන 33.8ක ධනයක් තමන් සතු කරගනිමින් ලොව ධනවත්ම කාන්තාවන් අතර 6 වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඩොලර් බිලියන 30.2ක ධනයක් තමන් සතු කරගිනිමින් ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන 69 හවිරිදි වියේ පසුවන Gina Rinehart එම ලැයිස්තුවේ 7 වන ස්ථානය හිමිකගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. ලොව ජනප්‍රිය නැව් සමාගමක හිමිකාරිණිය වන 78 හැවිරිදි වියේ පසුවන ඊශ්‍රායලයේ සම්බවයක් ඇති Rafaela Aponte-Diamant ඩොලර් බිලියන 30ක ධනයක් තමන් සතු කරගිනිමින් මෙම ලැයිස්තුවේ 8 වන ස්ථානයේ රැඳී සිටිනවා. එසේම ලොව ධනවත්ම කාන්තාවන් අතර 9 වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඉන්දීය කාන්තාවක් වන Savitri Jindalයි.

83 හැවිරිදි වියේ පසුවන ඇය ඩොලර් බිලියන 29.4ක ධනයක් හිමිකරගෙන තිබෙනවා. ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා අතර සිටින අවසාන කාන්තාව ද අමෙරිකානු ජාතික කාන්තාවක් වන Abigail Johnson 62 හැවිරිදි වියේ පසුවන ඇය සතුව ඩොලර් බිලියන 28.6ක වත්කමක් හිමිකරගෙන සිටිනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles