22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ලූනු මිල සියයට 50කින් පහළට

ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දීය රුපියල් 39 – 40 අතර වූ ලොකු ලූනු කිලෝ එකක තොග මිල මේ වන විට ඉන්දීය රුපියල් 20 – 21 අතර මිලකට පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය සදහන් කරයි.

ඉන්දීය ලබන වසරේ මාර්තු 31 දක්වා ලොකු ලූනු අපනයනය නිල වශයෙන් තහනම් කර ඇතත් එම තහනම මීළඟ ඉන්දීය මහ මැතිවරණය පවත්වන තෙක් ඉවත් නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් ඉන්දියාවේ ලූනු මිල පහල ගියත් ඉන් ආසියාවේ ජනතාව පීඩා විඳින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. ලොකු ලූනු අපනයනය තහනම හේතුවෙන් ආසියාවේ ලූනු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ආසියානු ජනතාව වැඩි වශයෙන් එළවලු මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ එළවලු මිලද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය. පසුගිය මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ලොකු ලූනු මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් අපනයනය කර ඇති බවත් අපනයනය තහනම් කිරීමේ වේදනාව ආසියානු රටවලට තදින් දැනීමට පටන් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles