26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

රුසියානු නියෝජිතයා හදිස්සියේම මෛත්‍රී හමුවෙයි

හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී  ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා අතර හමුවක් හිටපු ජනපති නිල නිවසේදී ඊයේ (26) දින සිදුව තිබේ.

මෙරට පවතින දේශපාලන  තත්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන තත්වය පිළිබඳවත් රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය  පිළිබඳවත් එහිදි සාකච්ඡා වූ බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ රුසියාව ලබාදුන් සහය පිළිබඳව කෘතවේදීත්ත්වය පළකර ඇති බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහය ලබා දීම සම්බන්ධයෙන් රුසියානු තානාපතිට හිටපු ජනාධිපතිතුමා විසින් ස්තුතිය පළ කර තිබේ.

ලබන පෙබරවාරි මාසය වනවිට ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන රට බවට රුසියාව පත්වනු ඇති බවට රුසියානු තානාපතිතුමන් එහිදී සඳහන් කර ඇත.

රුසියානු රාජ්‍යයේ සහයෝගය ඉදිරියටත් අපේක්ෂා කරන බවට එහිදී හිටපු ජනාධිපතිතුමා පවසා තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles