26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

රාජ්‍ය සේවකයින් ලක්ෂ 10කට ණය

ලබන වසර තුළ රාජ්‍ය සේවකයින් ලක්ෂ 10ක් ඉලක්ක කර ගනිමින් ණය ලබාදීමේ වැඩසටහනකට යොමුවන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව ලෝහෝර් ආර්යා ණය අරමුදලට උපදෙස් ලබාදී තිබෙනවා. එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වී තිබුණේ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් එදින ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවා තිබුණා. මේ අතර, මහජනතාව තුළ තම ආයතනය පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති බව කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළා. එමෙන්ම, එහි නිලධාරීන් අංශික කාරක සභාවට දැනුම් දී ඇත්තේ, ඉදිරියේදී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය හඳුන්වන ක්‍රිබ් යන යෙදුම වෙනස් කිරීමටද අවධානය යොමුව ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles