26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

රාජකාරිවලින් STF ඉවත් කරයිද?

අධිවේගී මාර්ගයන්හි රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කරගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. මෙරට අධිවේගී මාර්ග පද්ධති ආරම්භ කර මේ වනවිට වසර 12කට අධික කාලයක් ගත වී තිබෙනවා.

අධිවේගී මාර්ගවල ධාවනය වන රථවාහන යම් ආපදාවකට ලක්වන අවස්ථාවකදී පියවර ගත යුතු ආකාරය පිළිබඳ මනා පුහුණුවකින් යුත් විශේෂ කාර්ය බළකා සෙබළුන් ගෙවී ගිය වසර 12ක කාලය තුළ බේරාගත් මිනිස් ජීවිත සංඛ්‍යාවද සියයකට අධිකය.

මෙවන් පසුබිමක, පාතාලය මර්දනය කිරීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අධිවේගී මාර්ග රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව දන්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles