24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිවේදනය – GMOA

හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධ‍යෙන් සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පරීක්ෂණ නිවැරදිව සිදු කිරීමට වගබලා ගත යුතුව ඇති බව, එහි සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළා.

මේ අතර, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගත යුතු බව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසනවා.

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළේ, එසේම ඖෂධ මිලදී ගැනීමේදී නිසි ආකාරයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුකිරීම මඟින් සිදුවන වංචා දූෂණ වළක්වා ගැනීමේ හැකියාවක් පවතින බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles