17.5 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

යුවන් ශංකර් රාජාගේ ප්‍රසංගය කොළඹදී

ශ්‍රී ලංකාවේ සංවිධානය කරන U1 LONG DRIVE සංගීත ප්‍රසංගය නියමිත දිනට පැවැත්වෙන බව දකුණු ඉන්දීය ගායක සහ සංගීත රචක යුවන්ශංකර් රාජා පවසා තිබේ. ඔහු මේ බව පැවසුවේ 24 වැනිදා කොළඹ CR&FC ක්‍රීඩාංගණයේදී Aaraa Entertainment විසින් ඉදිරිපත් කරන U1 LONG DRIVE ප්‍රසංගය සම්බන්ධයෙන් කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

සංගීතවේදී ඉලයරාජාගේ දියණිය සහ සංගීත නිර්මාපක යුවන්ශංකර් රාජාගේ සොහොයුරිය වන ගායිකා භවතාරිනී පසුගිය සතියේ ශ්‍රී ලංකාවේදී අභාවප්‍රාප්ත විය. පිළිකා රෝගය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ප්‍රතිකාර නොලබා මියගොස් ඇත.

මෙහිදී තම සහෝදරිය අහිමිවීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංවිධානය කරන U1 LONG DRIVE ප්‍රසංගයේ දිනය වෙනස් වීමට ඉඩ ඇති බවට වාර්තා පළ වූ අතර, නියමිත දිනට ප්‍රසංගය පවත්වන බවට යුවන්ශංකර් රාජා සහතික වී තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles