24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

යුක්තියට කොටුවූ අලුත්ම පිරිස

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (09) සිට අද (10) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 999ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සැකකරුවන් 31 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 26 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 54 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින්  453g 
අයිස් 306g  40mg 
කොකේන් 940g
ගංජා 57 kg 317g  
ගංජා පැල 31168 ක් 
හෂීස්  1g
මාවා 147g 50mg 
තුල් 14 g 50mg
මත්පෙති 234 ක් 
හෑෂ් 1 g 50mg
මදන මෝදක ගුලි 629g

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles