26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

මෛත්‍රීගේ ආරාධනයෙන් පැවති ජාත්‍යන්තර සමුළුව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ ලෝක සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විශේෂ ජාත්‍යන්තර සමුළුව පසුගියදා පාර්ලිමේන්තුවේ  කමිටු කාමර අංක 1හීදී පවත්වා තිබේ.

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම උත්සවයේ මූලාසනය හෙබවු අතර, ආසියා  පැසිෆික් කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ (ISCP) සභාපති, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් මෙම සමුළුව පවත්වා තිබේ.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල පිරිසක්ද සහභාගි වී තිබේ.

මෙය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ විශ්ව සාම සම්මේලනය (UPF) සහ එහි අනුබද්ධ සංවිධාන වන සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලය (ISCP) සහ සාමය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය (IAPP) එක්ව සංවිධානය කරයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles