18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

මැරතන් ශූරයා මියයයි

පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මියගොස් තිබෙන බවට විදෙස් වාර්තා පවසනවා.

කෙන්යාවේ එල්ඩෝරෙට් නගරයට ආසන්න මාර්ගයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සමග ඔහුගේ පුහුණුකරු රුවන්ඩා ජාතික ගර්වයිස් හකිසිමානා ද එහි සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එලියුඩ් කිප්චෝ, බර්ලින් මැරතන් තරගයේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාව 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බිඳ දැමුවේ සැතපුම් 26.1 ක් පැය දෙකයි තත්පර 35 කින් තරගය නිම කරමින්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles