26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

මාවතගම දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

මාවතගම පොලිස් බළ ප්‍රදේශයට අයත් පිලැස්ස ප්‍රදේශයේ තරුණ පාර්ශව දෙකක් අතර ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු තුවාල ලැබ ඇතැයි පොලීසිය කියයි. ඒම සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.

ගැටුමේදී බරපතළ කැපුම් තුවාල ලැබූ මාවතගම පිලැස්ස මාස් කොළණියේ පදිංචිව සිටි රංජිත් නමැති 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටිති.

මරණයට පත් පුද්ගලයා සහ ප්‍රදේශයේ තවත් පිරිසක් අතර පසුගිය දිනක ඇතිවූ ගැටුමක් දුරදිග යාමේ සිදුවීමකින් පසුව ඔහුට හිතවත් පිරිසක් මීය මැදිහත් වීමෙන් මෙය සිදුව ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles