19.8 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

මත්පෙති තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවකින් රැගෙන ආ මත්පෙති තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය දූපත ආසන්නයේදී කල්පිටිය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වාර්තා වේ.

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසියේදී එම බෝට්ටුවේ තිබී රුපියල් කෝටි 15ක් පමණ වටිනා මත්පෙති 570,000ක් අත්අඩංගුවට ගෙන ඇත.

මත් පෙති ලෝලින් අතර ජනප්‍රිය මත් පෙති වර්ගයක් වන Pregabalin ලෙස මෙම මත් පෙති හදුනා ගෙන ඇති බවට වාර්තා‌ වේ.

මත් පෙති හා සැක කරුවන් ඉදිරි විමර්ශන සදහා පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය වෙත භාර දීමට නියමිත ය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles