26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

මත්ද්‍රව්‍ය මඬින්න අලුත් බළකායක්

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ‘මත්ද්‍රව්‍ය නාශක ජාතික විධායක’ (Antinacotic Command) නම් බළකාය නිර්මාණය කිරිමේ සැලසුමක් පවතින බවට මාධ්‍ය වාර්තා කරයි.

මහා පරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවන් කොටුකර ගැනීමේදී ඇති වන නීතිමය  හිඩැස් පුරවමින් විශේෂ බලතල බළකාය නිර්මාණය කිරීමට ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ලබන සතියේම යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්ව නව නීති සම්පාදන සහිත ඒකාබද්ධ කැබිනට් සංදේශය ඉදිරිපත් කරන බවයි පැවසෙන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles