25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

බාල ලෙස හැදුවොත්, වික්කොත් ලක්ෂ 3ක දඩ කන්න වෙයි

තත්ත්වයෙන් බාල පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ස්ථාන සහ වෙළෙඳසල්වලට විරුද්ධව දැනට පනවන රුපියල් දස දහසක උපරිමය දක්වා වූ දඩ මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා වැඩි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම්කර ඇති බවට වාර්තා වේ.

තත්ත්වයෙන් බාල පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ස්ථාන සහ වෙළෙඳ සැල්වලට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව රුපියල් දස දහසක උපරිම මුදලකට යටත්ව දඩ මුදලක් නියම කරන බවත් මෙම මුදල ප්‍රමාණවත් නොවන බැවින් දඩ මුදල් වැඩිකර පරිසර පනත සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇති බවටත් වාර්තා වේ.

2018 වසරේ සිට 2023 දක්වා වූ කාලය තුල තහනම් කරන ලද පොලිතින් සහ ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 61 කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගෙන විනාශ කර ඇතැයි වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles