22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පොලිස් ගබඩාවක තිබූ උණ්ඩ තොගයක් හොරු අරන්

මාන්කුලම් පොලිස් ස්ථානයේ අවි ගබඩාවේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 1421 තොගයක් අතුරුදහන් වී ඇතැයි මාන්කුලම් පොලිසිය පවසනවා. පොලිස් අවි ගබඩාව භාරව සිටින පොලිස් සැරයන්වරයා මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති එම බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ජාතික පුවත්පතක් වෙත පවසා තිබෙනවා. ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ පොලිස් ස්ථානය සහ පොලිස් ස්ථානය පිහිටි භූමිය පූර්ණ සෝදිසියකට ලක් කර ඇතත් මෙම  උණ්ඩ තොගය සොයා ගැනීමට නොහැකි වූ බවයි. 

මෙම උණ්ඩ තොගය අතුරුදහන් වූ ආකාරය ගැන තවම කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා.

පොලිසියේ රාජකාරි කරන නිලධාරියකු විසින් මේවා සොරා ගෙන යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles