18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

පාකිස්තාන දේශපාලනය යළිත් අස්ථාවර වෙන ලකුණු

පාකිස්තාන මැතිවරණ ප්‍රතිඵලය තුළ පැහැදිලි බහුතර බලයක් නොපෙන්වීම හේතුවෙන් එරට දේශපාලනය යළිත්වරක්  අස්ථාවර වනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා. මේ වන විට ප්‍රධාන පක්ෂ සිය බහුතර බලය සකසා ගැනීම සඳහා අනෙක් පාර්ශව සමඟ සාකච්චා කරමින් සිටියි.

අවසන් ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී, මේවන විට සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පක්ෂපාතී ස්වාධීන අපේක්ෂකයන් පෙරමුණ ගැනීමට සමත්ව ඇති බවට නිල නොවන වාර්තා සඳහන් කරයි.  ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු අගමැති නවාස් ෂරීෆ් යන දෙදෙනාම මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බව  ප්‍රකාශ කර තිබෙනවා.

සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වයෙන් මැතිවරණයේ සාමකාමී බව විනාශ වූ අතර ජංගම දුරකථන සේවා අත්හිටුවීම ද විවේචනයට ලක් වුණා විය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles