25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ප්‍රදේශ කිහිපයකට නායෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එම දිස්ත්‍රික්කයේ මීට පෙර බදුල්ල, සොරණාතොට, කන්දෙකැටිය සහ හාලිඇල සඳහා නිකුත් කර තිබු පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් ලුණුගල සහ පස්සර සඳහා නිකුත් කර තිබු දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමත් තවදුරටත් දීර්ඝ කර ඇත.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එම දිස්ත්‍රික්කයේ මීට පෙර පාතහේවාහැට ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ  පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම සහ උඩුදුම්බර සඳහා නිකුත් කර තිබූ නායයෑමේ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇත.මේ අතර මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශය සඳහා ද නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එසේම මොනරාගල දිස්තික්කයේ මැදගම ප්‍රදේශයේ සඳහා නිකුත් කර තිබූ දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හඟුරන්කෙත ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles