25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

පළාත් කිහිපයකට තද වැසි

අද දිනය වන විට, නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය සුළිකුණාටුවක් බවට පත් විය හැකියි.ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා. එම දෙපාර්තමේන්තුවට අනාවැකි පල කර ඇත්තේ ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම, බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින මෙම පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කිරීම අපේක්ෂා කරයි.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබුණා.කෙසේ වෙතත්, දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද දන්වා ඇත. එමෙන්ම, මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටියි. එමෙන්ම වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ උතුර,උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, පැයට කිලෝ මීටර් 40 – 50ක පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles