24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

නව අමාත්‍යාංශ ලේකම්වරුන් 10 යකට පත්වීම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ. අද (22) උදෑසන එම පත්කිරීම් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අදාළ පත්වීම් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය – වසන්තා පෙරේරා මහත්මිය

අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා  -එන්.එම් රණසිංහ මහතා,

වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් – ගුණදාස සමරසිංහ මහතා,

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා,

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් – ඩබ්ලිව්. පී.පී යසරත්න මහතා,

වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා –  සමන් දර්ශන පාඬිකෝරාල මහතා,

පරිසර අමාත්‍යාංශයේ ලේකම් – බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා,

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් – ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා,

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් –  ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා,

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් – ධර්මශ්‍රී කුමාරතුංග මහතා,

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් – ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ,

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් – එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles