18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

නවකවද සිදුවීමකට සබරගමුව සිසුන් 06ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමේ සිදුවීමක් පාදක කරගනිමින් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම මස 14 වන දින පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සමනලවැව පොලිස් ස්ථානය විමර්ශනයක් සිදුකර නවක වදය ලබාදීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා භාෂා අධ්‍යයන පීඨයේ හතරවන වසරේ සිසුන් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුන් හය දෙනා පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු ඊයේ ( 28) අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23,24,හා 25 වන වයස්වල පසුවන මොරවක, රුක්ගහවිල, අළුත්තරම, ඉමදුව හා කිතලව ප්‍රදේශයවල පදිංචිකරුවන් බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles