22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

දෛනික ප්ලාස්ටික් භාවිතය මෙට්‍රික් ටොන් 938 ක්

දිනකට මෙරටදී ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් භාවිතයට ගැනුනත් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ ඉන් 4%ක් පමණක් බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. මෙම කාරක සභාව හමුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, භාවිත කළ ප්ලාස්ටික් අතුරින් නැවත එක්රැස් වන්නේ 32 % ක් පමණක් වන අතර, ප්‍රතිචක්‍රීකරණය නොවන ඉතිරිය පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බවයි.

කිසිදු නියාමනයකින් තොරව සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බවද මෙහිදී වී තිබෙනවා. ඒ අනුව, ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමේදී කර්මාන්තයේ අවශ්‍යතා අනුව ඒවා නිකුත් කළ යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කරන අතර, සුන්බුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 20,000ක් ද ආනයනය කිරීමට අවසර දී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles