26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

තෙවනි ඇසට ගොඩක් වැරදි  අහුවෙලාලු…..

සී.සී.ටී.වී කැමරා මඟින් රථ වාහන නිරීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙල යටතේ පෙරේදා (22) දින  රථ වාහන වැරදි සිදුකරන වාහන 125ක් හඳුනා ගත් බවට වාර්තා වේ.

කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිලිවල 22 දින සිට ක්‍රියාත්මක විය.

මෙම ක්‍රමවේදය ආරම්භ කළ පළමු දින තුළ මංතීරු මාරු කර රිය ධාවනය කිරීම සහ නැවතුම් රේඛාවේ නොනවත්වා රිය ධාවනය කිරීම යන වරදවල් බහුලව නිරීක්ෂණය වූ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

එලෙස හඳුනාගත් වාහන හිමිකරුවන් වෙත අවවාද නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර ඉදිරියේදී මෙලෙස හඳුනාගන්නා වැරැදි සඳහා දඩ පත්‍රිකා නිකුත් කිරීමට නියමිතව ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles