18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

තැපැල් කාර්යාල රෑටත් වැඩ‍

බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල කිහිපයක් පැය 24 පුරා විවෘතව තබන බව නියෝජ්‍ය තැපැල්පතිවරයා විසින් පොලීසියට දැනුම් දී තිබෙනවා.රථවාහන වැරැදි සඳහා නිකුත් කරන දඩ පත්‍රිකා ගෙවීම සඳහා බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘත තැබෙන බවට නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් පොලිස් රථවාහන කොට්ඨාසය පවසනවා.

ඒ අනුව බොරැල්ල, වැල්ලවත්ත, හැවොලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස,නුගේගොඩ සහ සීතාවකපුර යන තැපැල් කාර්යාලවලින් පැය 24 පුරා දඩ කොළ ගෙවිය හැකි බව රථවාහන කොට්ඨාසය සඳහන් කරනවා

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles