24.3 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

දේශබන්දුගේ නම ව්‍යවස්ථා සභාවට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට එවනු ලැබ ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දින කිහිපය තුළ රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.
පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා විශ්‍රාම ලැබීය.
ඒ සිය සිවුවැනි සේවා දිගුව අවසන් වීමෙන් පසුවය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ මාස තුනක කාලයක් සදහාය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles