26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ජයසූරියට අලුත් තනතුරක්

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව සාකච්ඡා තවමත් පැවැත්වෙන අතර අවසන් ඒකඟතාවකට තවම එළැඹ නොමැත. ඒ් අනුව ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකවරයෙකු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරන අතරවාරයේ ඊට අමතරව සනත් ජයසූරිය උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව සඳහන් වෙයි.

මහේලට ක්‍රිකට් සංවර්ධන අංශයට අදාල වගකීම් පැවරී ඇති නමුත් ජයසූරියට නව විෂය පථයක වගකීමක් පැවරෙනු ඇති බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුතු නව තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා තීරණය කළ අතර ඊට සමගාමීව තවත් වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතව තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles