24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ගෝඨාභයට එරෙහිව බදියුදීන්ගෙන් නඩුවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ඊයේ ( 01) පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් චෝදනා කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා එක්ව තමන්ව වසර 5ක් සිරගත කර තැබීමට තම දේශපාලන වාසි තකා සැලසුම් කර ඇති බවයි.

තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම විෂය පථය යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තමාට එරෙහිව පවරා ඇති සියලුම නඩුවලින් තමා නිදහස් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. ඒ අනුව තමන්ව වැරදි ලෙස රඳවා තබා ගැනීමට එරෙහිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලුම නිලධාරීන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles