18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ගුවන් යානයක් තුළදී  දැරියකට අතවර කරලා

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් අතවරයකට ලක්වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී තිබෙනවා. ඊයේ (13) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ මෙම සිදුවීම සිදු වූ බවයි වාර්තා වන්නේ. සැකකරු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙක්. ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සඳහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙක්.

සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිට තිබු අතර ඔවුන් අතරින් අවුරුදු 08යි මාස 10ක් වයසැති කුඩා දැරියව මෙම ඉන්දීය ජාතිකයා විසින් අතවරයකට ලක් කර තිබෙනවා.

ඒ පිළිබඳව ගුවන්යානා කාර්යමණ්ඩලය වෙත පැමිණිලි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණා. මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් යොමුකර තිබෙනවා. ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles