18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කැලණි පාලමෙන් වැටුණු සැරයන් අතුරුදන්

කොළඹ, වික්ටෝරියා පාලම මතින් ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු එම පාලමෙන් කැළණි ගඟට ඇදවැටී අතුරුදන්ව ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන් එච්. ජයලත් නමැති නිලධාරියා බවයි පොලිසිය පැවසුවේ.

වික්ටෝරියා පාලම මත තිබී සැරයන්වරයාට අයත් ජංගම දුරකථනයක් නාරාහේන්පිට පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ගන්නා කාඩ්පතක් සහ ගමන් බලපත්‍රයක්ද පොලිසියට හමුවී ඇති අතර, අතුරුදන් වූ පොලිස් සැරයන්වරයා සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි අප කළ විමසීමකදී පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles