22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

එන්නත් මාත්‍රාව වැඩිවී තවත් මරණයක්

පාදයේ ආබාධයකට ලබා දුන් එන්නත් මාත්‍රාව වැඩි වීමෙන් දෙහිවල සත්වඋද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයකු ඊයේ (7 වැනිදා) මියගොස් ඇති බවට වාර්තා වේ.

දෙහිවල සත්වඋද්‍යානයේ සිටි මෙම ජිරාෆ් සත්ත්වයා දින කිහිපයක සිට පාදයේ ආබාධයකින් පසුවීම හේතුවෙන් පෙරේදා පසුගිය (6 වැනිදා) එන්නතක් ලබා දී ඇත. එම එන්නත ලබා දීමෙන් පසු සත්ත්වයා කටින් සෙම දමමින් බිම ඇද වැටී ඇති අතර ඊයේ දහවල් වනවිට ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවී තිබිණි. සත්ත්වයාට ප්‍රතිකාර කිරීමේ අරමුණින් එසවීම සඳහා යන්ත්‍රයක් සතුන්වත්තට ගෙනැවිත් තිබුණද ඊයේ දහවල් කාලයේදී ජිරාෆ් මියගොස් තිබිණි. සතුන්වත්තේ සේවකයන් සැකකරන්නේ ජිරාෆ්ට ලබා දුන් එන්නත් මාත්‍රාව වැඩි වීම හේතුවෙන් මෙලෙස සත්ත්වයා මියගොස් ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles