22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

උමාඔය ව්‍යාපෘතියෙන් විදුලිය

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන මස සිට ජාතික විදුලි පද්ධතියට එක් කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වාරිමාර්ග අමාත්‍යාංශය හරහා මහා පරිමාණ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක වන බවයි.

ඔහු සඳහන් කළේ, එම ව්‍යාපෘති අතරින් බහුතරයක් විදේශීය ණය ආධාර මත ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ යටතේ ආරම්භ කළ උමාඔය ව්‍යාපෘතියෙහි වැඩකටයුතු අවසන් අදිරයට පැමිණ ඇති බවයි.

උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500කට ජලය සපයනු ලබනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles