18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

උප්පැන්න සහතිකයත් ඩිජිටල් ‌කරයි

E – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතික නිකුත් කිරීම ඊයේ (05) ආරම්භ කර තිබේ. ඒ අනුව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි.

ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කරයි.

ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවත් දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහන ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ඇති බවය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles