26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

උඩරට දුම්රිය මාර්ගයේ තවත් නායයෑමක්

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නායයෑමක් ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා සීමා කර තිබෙන බව සඳහන්.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දුම්රිය මාර්ගයට ගල් පෙරළීම් සහ පස් කදු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමග පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ සමනලවැව හල්පේ ප්‍රදේශයෙන් ද ඉඹුල්පේ ප්‍රදේශයෙන් සහ සීලගම ප්‍රදේශයෙන් ද අවහිර වී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles