18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ඊශ්‍රායලයට එරෙහි ජන සංහාර නඩුව විභාගයට ගනි.

ඊශ්‍රායලයට එරෙහි දකුණු අප්‍රිකාව විසින් ජාත්‍යන්තර අධිකරණයෙහි (International Court of Justice – ICJ) ගොනු කළ ජන සංහාර නඩුවේ දෙදින විභාගය ඊයේ (11) ආරම්භ කර තිබේ.

දකුණු අප්‍රිකානු රජය දෙසැම්බර් 29 දින ඊශ්‍රායලයට එරෙහිව මෙම නඩුව ගොනු කරමින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලදී “ජන සංහාරක ක්‍රියා” සිදු කළ බවට චෝදනා කර ඇත.

ලොව පුරා පලස්තීනුවන් සහ පලස්තීනයට පක්ෂපාති උද්ඝෝෂකයින් ගාසා තීරයේ 7000කට ආසන්න කුඩා ලමුන් ඇතුලව  23,400 කට වැඩි පිරිසක් මරා දමා ඇතැයි චෝදනා කරයි.  මෙලෙස ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදුකරන  විනාශකාරී මිලිටරි ව්‍යාපාරය ICJ විසින් නතර කළ යුතු බවට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි.  

දකුණු අප්‍රිකානු නියෝජිතයන් ඊයේ (11) ජාත්‍යන්තර අධිකරණය හමුවේ ඊශ්‍රායලය පලස්තීන ජනගහනය අතුගා දැමීමේ පැහැදිලි චේතනාවෙන් “අනුකම්පා විරහිත” බෝම්බ හෙලීම හරහා සිදු කරමින් සිටින බව සාක්ෂි ඉදිරිපත්  කර තර්ක කරන ලදි.

ඒ අනුව අද (12) ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වීමට  නියමිත බව වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles