18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා LNG නල මාර්ගයක්

ශ්‍රී ලංකාවේ විදුලි පිරිවැය අඩුකිරීම සඳහා ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ද්‍රව ස්වභාවික වායු (LNG) නල මාර්ගයක් සැකසීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා.

ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඉන්දියා හවුස් හි පැවැති පිළිගැනීමේ උත්සවයකදී ඔහු මෙම අදහස් පළකර තිබෙනවා.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන බවත්, මෑත වසරවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම විදේශ ආයෝජකයා ද වන බව ඔහු එහිදී පවසා තිබු අතර වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

“2023 ජූලි මාසයේ සිට අපි යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ආරම්භ කර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවා දියත් කර තිබෙනවා. නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයකට වඩා වැඩි අපනයන අවස්ථා ඉන්දියාවට විවෘත කළා සේම, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම තුළින් අපගේ ආර්ථික හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන විභවයන් වැඩිදියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ආරක්ෂාව හෝ සංවර්ධනය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් අපගේ අවශ්‍යතා එකිනෙකට බැඳී තිබෙනවා”

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles