24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ඉන්දියාවෙන් පලස්තීනයට  ආධාර

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම්වලින් ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාවට ඉන්දියාවෙන් ලබා දෙන මානුෂීය ආධාරවල දෙවැනි තොගය ඊජිප්තුවට ළඟා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.එය ඊජිප්තුවේ රතු කුරුස සංවිධානය හරහා ගාසා තීරයට ලබාදීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා කරනවා.ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඉන්දීය මානුෂීය ආධාර තොගය රතු කුරුස සංවිධානයට බාර දුන් බවයි.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී 17 වර්ගයේ ගුවන් යානයකින් ඊජිප්තුවට ළඟාවූ මානුෂීය ආධාර තොගය ටොන් 32කින් යුතු බවත්, ඊට ආපදා සහන සැපයුම්, කූඩාරම්, මූලික සනීපාරක්ෂක සැපයුම් ඇතුළු උපකරණ රැසක් ඇතුළත් බවත්, වැඩිදුරටත් වාර්තා වනවා. මීට පෙර ඉන්දිය රජය විසින් ගාසා තීරයේ පලස්තීන ජනතාවට සපයනු ලැබූ පළමු මානුෂීය ආධාර තොගය ටොන් 38කින් සමන්විත වූ බවද වාර්තා වනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles