18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ඇමරිකා ආරක්ෂක ලේකම් රෝහල්ගත කෙරේ

ඇමරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මුත්‍රාශයේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පත්කර ඇති බව පෙන්ටගනය නිවේදනය කර තිබේ.

70 හැවිරිදි ඔස්ටින් ප්‍රතිකාර සඳහා වර්ජිනියාවේ වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇති බවයි වාර්තා වේ.

මීට පෙර පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා රෝග විනිශ්චය හා තවත් රෝග කිහිපයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර සිට ඇති අතර ඒ පිළිබඳව අදාළ දිනවලදී ධවල මන්දිරය දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැඩි විවේචනයටද ලක්ව තිබිණි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles