22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ආයෙත් සරම්ප ප්‍රශ්නයක් වෙයි?

ශ්‍රී ලංකාව සරම්ප රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස නම් කර තිබුණද නැවතත් එම රෝගය මෙරට වසංගතයක් බවට පත් වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

මෙම වසරේ (2023) මැයි මාසයේ සිට සරම්ප රෝගීන් වාර්තා වන බව වසංගත රෝග ඒකකයේ සඳහන් කරයි.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වූයේ මෙම වසරේ (2023) මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 710ක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 299ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 232ක්, කළුතරින් 36ක් ලෙස වාර්තා වන බව සඳහන් වේ.

ඒ අනුව සරම්ප රෝගීන් වැඩි වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන දිස්ත්‍රික්ක 9යෙන් වාර්තා වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles