18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ආයෙත් ලොක්ඩවුන් කරන්න වෙයිද?

මේ දිනවල නැවතත් චීනයෙන් නියුමෝනියා රෝග ව්‍යාප්තියක් ගැන වාර්තා වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රෝග තත්ත්වයට කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වෙමින් සිටින බවට සඳහන්වේ. මෙම රෝග තත්ත්වය අබිරහස් නියුමෝනියාවක් වශයෙන් ඇතැම් විදෙස් මාධ්‍ය මෙය හඳුන්වා දෙයි.

චීනයේ උතුරු ප්‍රදේශයේ රෝගය වැඩි වශයෙන් පැතිරෙමින් පවතින බවට වාර්තා වෙයි.

රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙමින් ඇති බවත්, ඇතැම් රෝහල් රෝගීන්ගෙන් පිරී යමින් ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

මෙම රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට එරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසා ඇති බවට සඳහන් වේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles