25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ආයුධ අලෙවිය වැඩිවෙලා  ඇමෙරිකාවේ

ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම ඊට හේතුව වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

පසුගිය 2023 වසරේ ආයුධ අලෙවියෙන් ඇමෙරිකාව ලැබූ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබෙනවා.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ඇමෙරිකන් රජය සෘජුව මැදිහත් වී සිදු කළ ආයුධ ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 81 ක් වන අතර, සෙසු ආයුධ ගනුදෙනු සිදුවී ඇත්තේ ඇමෙරිකන් ආරක්ෂක සමාගම් මැදිහත් වෙමින්.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ හේතුවෙන්.

හමුදා ක්‍රියා මාර්ගය ආරම්භ වූ දින පටන් ඇමෙරිකාවෙන්, යුක්රේන රජයට ආධාර වශයෙන් අවි ආයුධ ලබා දීම සහ මූල්‍ය සහාය ලබා දීම සිදු කළ අතර, ඊට අමතරව ආයුධ අලෙවිය ද සිදු කරනු ලැබුවා.

2022 වසරේ, රුසියන් යුක්රේන යුද්ධය කලාපීය වශයෙන් අර්බුද නිර්මාණය කිරීමේදී යුක්රේනයේ අසල්වැසියා වන පෝලන්තය, රුසියාවෙන් තර්ජන එල්ල වීමේ ඉඩ ඇති බැවින් සිය යුද ශක්තිය තරකරගෙන ඇත්තේ ඇමෙරිකාවෙන් අවි ආයුධ සහ යුධෝපකරණ මිලදී ගැනීමෙන්.

පෝලන්තය, ඇමෙරිකාවෙන් මිලදී ගත් ‘ඇපාචි’ වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 12 ක් වන අතර, පෝලන්තය ඇමෙරිකාවෙන් මිලදී ගෙන ඇති ‘හිමාර්ස්’ වර්ගයේ ප්‍රහාරක රොකට් පද්ධතිවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක්.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles