18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අමෙරිකානු ප්‍රහාරය වරදක් බවට ඉරානයෙන් චෝදනා

ඉරාකය සහ සිරියාව වෙත අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කිරීම මුලෝපායික වරදක් බව ඉරානය පවසයි. පසුගිය සිකුරාදා අමෙරිකාව විසින් ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක 85ක් වෙත ප්‍රහාර එල්ල කර තිබිණි.

ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර අමෙරිකානු භටයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ඉරානයේ සහාය ලබන බවට පැවසෙන මිලීෂියා (Militia) කණ්ඩායමට චෝදනා එල්ලවී තිබුණි. ඒ අනුව සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය ද හිමි විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රහාරවලින් කලාපයේ ආතතිය සහ අස්ථාවරත්වය හැර වෙනත් ප්‍රතිඵලයක් නොලැබෙන බවයි. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් ඇතුළු 16 දෙනෙකු මිය ගොස් තිබූ බව ඉරාක බලධාරින් ප්‍රකාශ කර ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles