23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අනුර කුමාර ගුජරාට් මහ ඇමති හමු වෙලා

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඊයේ (07)  දිනයේ පිරිස ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් මහතා හමුවී තිබෙනවා.

ගාන්ධිනගර්හි විදාන සභාවේදී මෙම හමුව පැවැත්වී ඇති අතර ගුජරාට් ප්‍රාන්තය තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව සඳහන්.

අනුර දිසානායක මහතා ඇතුළු පිරිස මෙහිදී ගුජරාට් ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍යවරයා සමඟද විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ගුජරාට් ආදර්ශය පිළිබඳ ඉදිරිපත් කිරීමක් එහිදී සිදුවී ඇති බව සඳහන්.

මේ අතර,අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එරට අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් තොරතුරු තාක්ෂණ හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමටද මෙම පිරිස එක් වීමට නියමිතයි.

අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස සූර්ය පැනල විදුලි බලාගාරයක් සහ කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට එක්වීමටද සැලසුම් කර තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles