26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

Bloody Daddy සහ මත්ද්‍රව්‍ය මැදි වූ දරු සෙනෙහස

සුමෙයිර් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරියෙකි. ඔහු සිය කණ්ඩායමේ සෙසු නිලධාරින් සමඟ එක්ව දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි කර ගනී.

එයට පළිගැනීමක් වශයෙන්, එය මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුමෙයිර්ගේ පුත්‍රයා පැහැර ගනී. සුමෙයිර් විසින් මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් කොකේන් තොගයෙන් කොටසක් ආපසු ලබා දිය හැකි නම් පුත්‍රයා නිදහස් කිරීමට ජාවාරම්කරු එකඟ වේ.

වෙනත් විකල්පයක් නොමැති තැන සුමෙයිර් කොකේන් රැගෙන ගියද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරින්ගේ සැකයට භාජනය වේ. ඒ හේතුවෙන් සුමෙයිර් අතින් මත්ද්‍රව්‍ය තොගය ගිලිහි යන්නේ නොසිතූ අයුරිනි.

තම ආදරණීය පුතු බේරා ගැනීමේ අරමුණ සඵල කර ගැනීමට කොකේන් වෙනුවට කිරිපිටි රැගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය වෙත යන සුමෙයිර් හට කුමක් සිදුවනු ඇතිද?

අවාසනාවන්ත ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමකට හසු වූ දරු සෙනෙහස පිළිබඳ වූ මෙම කතාවේ අවසානය දැක ගත හැකි වන්නේ Bloody Daddy නම් හින්දි ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයෙනි. එය ජුනි 09 වැනිදා ජියෝසිනමා ඔස්සේ නිකුත් කිරීමට නියමිතය.

අලි අබ්බාස් සෆාර් විසින් අධ්‍යක්ෂණය කළ Bloody Daddy චිත්‍රපටයේ ෂාහිඩ් කපූර්, සංජේ කපූර්, ඩයනා පෙන්ටි, රොනිත් රෝයි, රජීව් ඛන්ඩෙල්වාල්, අන්කුර් භාටියා සහ විවාන් භාටේනා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. Bloody Daddy චිත්‍රපටය 2011 වසරේ තිරගත වූ ප්‍රංශ චිත්‍රපටයක් වන ඉතඥඥනතඥඵඵ ව්ඪඨඩබ හි අනුවර්තනයකි. එය කමල් හසන්, ප්‍රකාශ් රාජ් සහ ත්‍රීෂාගේ රංගනයෙන් හැඩ වී ඊඩධධදඨචච ඍචදචථ නමින් 2015 වසරේදී දෙමළ චිත්‍රපටයක් ලෙස ද ප්‍රතිනිර්මාණය විය.

sarasaviya.lk

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles