වේගවත් තාක්ෂ ණික දියුණුවත් සමඟින් ඉදිරියට ඇදෙන සමස්ත ජන සමාජය එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන අසත්යෂ හෝ විකෘති ප්රවෘත්ති හේතුවෙන් මුලාවට පත්වී තීන්දු තීරණ ගන්නේ නම් එය තාක්ෂතණික දියුණුවේ කේදජනක පැතිකඩක් ලෙස අර්ථ දැක්වීමට අපට සිදුවනවා ඇත.
උදෑසන අවදිවීමේ පටන් නැවත නින්දට යන තුරු අප තොරතුරු මත පදනම්වු ලෝකයක් තුල ජීවත් වීමත්, සේනා සංවිධානය කරමින් අවි ආයුධ රැස්කරමින් ඉතිහාසයේ පටන් ඇවිලිගිය ආර්ථික, සමාජ, දේශපාලන බල අරගලයන් වෙනුවට වර්තමානයේ ඇතිවී තිබෙන ඩිජිටල් අරගලයන් තුලින් සමාජය තව තවත් සංකීර්ණභාවයට පත්වීමත් සිදුව ඇත.
ඒ මගින් යම් රටක, ජන සමාජයක ඉරණම තවත් අයෙකුගේ අඟිලිතුඩ අග රැඳී ඇත්තේ පරිඝණක යතුරු පුවරුවක් මගින් සියල්ල සුණු විසුණු කරන්නට හැකියාව ලැබී ඇති නිසාය. එබැවින් වර්තමානයේ අප ජීවත්වන තොරතුරු මත පදනම්වු ලෝකය තුල රටක උන්නතිය උදෙසා වඩාත් නිවරදිවූත්, සත්‍යය වූත් තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගන්නා ජනතාවක් සිටීමඅත්යවශ්ය සාධකයකි.
රටක් ජාතියක් ලෙස සාර්ථක වීමට නම් නිවරදි වූත්, සත්‍ය වූත්, තර්කාණුකුල වුත් තොරතුරු දැනගැනීමට සමස්ත ජනතාවට ඇති අයිතිය කිසිවකුටත් උදුරාගැනීමට ඉඩ නොතැබිය යුතුය. ඒ අනුව ජනතාව සතු එම උත්තරීතර අයිතිය තහවුරු කරනු වස් සැනින් පුවත් වාර්තා කිරීමත්, සමාජ මාධ්‍ය, යූටියුබ්, වෙබ් අඩවි හා පුවත්පත් වල පලකරන අසත්යක මෙන්ම නොමඟ යවන සුලු තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනාත්මකව තොරතුරු සම්පාදනය කිරීමත් ඉලක්කය කරගත් අපි ඇත්ත ඇතිසැටියෙන් දැකීමට ජාතියේ දෑස් විවර කරන්නන් වෙමු.
Email: [email protected] Contact No : +94 769 994 985