මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඉහළ නැංවීමේ අතුරු අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. ඒ සඳහා වන විසර්ජන සංශෝධන පනත් කෙටුම්පතට අද පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණි.
ආර්ථික අර්බුදය විසඳීමට සාම්ප්‍රදායික මතවලින් ඉවත් විය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
එකිනෙකාට චෝදනා කරමින් මේ අර්බුදය විසඳා ගත නොහැකි බවත් මෙයට කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් මගින් පමණක් බව ද ජනාධිපතිවරයා අතුරු අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
කෙටි කාලීන විසඳුම් රැසක් ගෙන ඇති නමුත් වසර 25ක කාලයක් සඳහා හෝ ක්‍රියාත්මක වන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ.
අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව දෙනවා.
ප්‍රමුඛ කේෂ්ත්‍ර සඳහා අරමුදල් යොදවනවා.
රාජ්‍ය වියදම් ක්‍රමවේදය හොඳින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති හඳුන්වා දීමට කටයුතු කරනවා.
රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ශනයට පියවර ගන්නවා.
රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.
පොසිල ඉන්ධන භාවිත කරන වාහන ගෙන්වීම අත්හිටුවනවා.
වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම.
විදෙස් ආයෝජන සම්බන්ධයෙන් අප මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති යහපත් නෑ.
අදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරනවා.
එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 1 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළට.
ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.
රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රු.මි 200ක් වෙන් කෙරේ.
රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණයට රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කොමිටුවක් පත්කරනවා.
නව බැංකු පනත ක්‍රියාත්මක කිරීම.
ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.