25 C
Colombo
Sunday, October 1, 2023
spot_img

සරත් හා කුමාර හොඳම නළුවන් වෙයි…

ශ්‍රී ලංකාව නියෝජනය කළ “ද නිව්ස්පේපර්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර දෙපළට 18 වැනි Kazan මුස්ලිම් සිනමා සම්මාන උලෙළේදී හොඳම රංගන ශිල්පියාට පිදෙන සම සම්මානය හිමි ව තිබේ.

මොවුන් දෙදෙනා විසින්ම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයද සිදු කර ඇති අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ හා ඩබ්ලිව් ප්‍රේමසිරි මෙහි සම නිෂ්පාදකවරු වෙති. මෙම සම්මාන උලෙළ පසුගිය 11 දින රුසියාවේ kazan ප්‍රාන්තයේදී පැවැතිණි. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ සඳහා සහභාගී වීමට ගොස් තිබේ. ඊට සහභාගීවීමට ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහි ගොස් තිබේ. ඉහත රංගන ශිල්පීන්ට හිමිවූ එම සම්මානය එම නළුවන් නියෝජනය කරමින් ඇමැතිවරයා විසින් ලබා ගනු ලැබීය.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles